එදා ඔබේ සුරත ගෙන
ගියා මතකද පොද වැස්සේ
තුරු සෙවන යටින්
වැව් ජලය සිඹ හමා එන
සිහිල් පවන් රැල් අතරින්
ඇවිද ගිය හැටි..........
නුවර වැව අද්දරින්
සැමදා එක්ව සිටින්නට පැතුවත්
දළදා සමිදු අබියස
වැව් ජලය මෙන් පිරිසිදු
අවංක ආදරය පිදුවා ඔබහට..........
එහෙත් අද මා තනියෙන්
දහසක් පිය සටහන් අතර
සෙව්වා මැකී ගිය
අපේ පා සටහන්
තනිවම වැව අද්දරින්
අකුරට යන විට
පොත් ටිකත් තුරැලු නරන්
සිහි වුනා අපේ සුන්දර අතීතය..........
එදා අපට ආශිර්වාද කළ
සිහිල් පවන් රැල්
කැන්දවයි නෙතු අගට කදුලැල්
එදා වැව් ජලයෙන් නැගුන
ආදරණීය හඩ..........
අද සුසුම් හෙලයි අප වෙනුවෙන්
සුදු සමන් පිච්ච මල් වට්ටියක්
දෝතින් රැගෙන
පැතුවත් ඔබ සමගින්
දළදා සමිදු වදින්නට
අහිමි වුනා ඔබේ සෙනෙහස
සිහිනයක් ලෙසින්..........
..........කැලුම්..........
No comments:
Post a Comment