Wednesday, October 13, 2010

සිත නුඹ ළගය...

මේ නිශා රාත්රියේ
මා පොත් අතර
එහෙත් සිත නුඹ  ළගය.....
ගතින් ළංව හිදිනට
අවසර නැවතත් අපට
සිතින් නුඹළගට වෙලා
ඉන්නට අවසරද මට.....

..........කැලුම්..........

මූණු පොතේ පිටු අතරේ...

දැන් නෙට් එකේ සර්ච් කරල ඕන දෙයක් හොයා ගන්න පුලුවන්ලු නේද?ඉතිං මට නිකමට වගේ හිතුන අවංක කෙල්ලක් හොයා ගන්න ගූගල් ක්රෝම් එකේ සර්ච් කරල.
ලොවෙත් නැති වෙන්න කියල ගැහුව මං මෙන්න මෙහෙම
"ජීවිතේටම පණ වගේ ආදරය කරන කෙල්ලෙක්"
හික්...හික්...හික්...
ඔයාලම බලන්නකෝ මොකක්ද ප්රථිපලේ කියල.......

කෝ අනේ ඉන්ටනෙට් එක දාන්ට...
අපේ බ්ලොගර්ස්ලනං නෙට් එක දාන්නැත්තං
කොයිල් එකක්වත් පත්තු කොරනව ඇති නේද?...


රේල් පීලි...

එදා අපි අත් අල්ලන්
මතකද ඔහේ ඇවිදන් ගිය හැටි
කවදාවත් එකිනෙක
හමු නොවන
රේල් පීලි මතින්..........
එහෙත් ඇයි අපට නොහැගුනේ
කවදාවත් හමු නොවන
රේල් පීලි මෙන්..........
අපේ ආදරෙත්
හරියට රේල් පීලි දෙකක් බැව්..........

     ..........කැලුම්..........

සිහිනයක් ලෙසින්...

එදා ඔබේ සුරත ගෙන
ගියා මතකද පොද වැස්සේ
තුරු සෙවන යටින්
වැව් ජලය සිඹ හමා එන
සිහිල් පවන් රැල් අතරින්
ඇවිද ගිය හැටි..........
නුවර වැව අද්දරින්
සැමදා එක්ව සිටින්නට පැතුවත්
දළදා සමිදු අබියස
වැව් ජලය මෙන් පිරිසිදු
අවංක ආදරය පිදුවා ඔබහට..........
එහෙත් අද මා තනියෙන්
දහසක් පිය සටහන් අතර
සෙව්වා මැකී ගිය
අපේ පා සටහන්
තනිවම වැව අද්දරින්
අකුරට යන විට
පොත් ටිකත් තුරැලු නරන්
සිහි වුනා අපේ සුන්දර අතීතය..........
එදා අපට ආශිර්වාද කළ
සිහිල් පවන් රැල්
කැන්දවයි නෙතු අගට කදුලැල්
එදා වැව් ජලයෙන් නැගුන
ආදරණීය හඩ..........
අද සුසුම් හෙල‍යි අප වෙනුවෙන්
සුදු සමන් පිච්ච මල් වට්ටියක්
දෝතින් රැගෙන
පැතුවත් ඔබ සමගින්
දළදා සමිදු වදින්නට
අහිමි වුනා ඔබේ සෙනෙහස
සිහිනයක් ලෙසින්..........

     ..........කැලුම්..........

Tuesday, October 12, 2010

පිලිතුර...

ඔයා එහෙම අහනකෙට රිදුනා හදවත හරියට
එතරම්ම අවිශ්වාසද මාව ඔයාට
මගේ හිතේ තියෙන ආදරේ සදහට
ආසයිද දැනගන්න ඒ ආදරේ කොතරම්ද..........
වඩා වැඩියි සුවිසල් අහස් කුසට
එයා අදරෙයි කියල  කිව්වම මට
අදහගන්නවත් බැරි උනා හදවතට
දන්නව ඔයත් මට ආදරෙයි හරියට..........
ඇත්තමයි මේ කියන්නෙ ඔයාට
හිතේ තියෙන ආදරේ කියන්න වචන නෑ මට
ඔයා මගේම උන දවසට
කියා නිම කරන්න බැරි වෙයි සතුට
මටත් මතක් වෙනව ඔයාව හරියට
ඒත් මම කියල මොනව කරන්නද
ඔයාට මාව නැතිව ගොඩක් පාලුද..........
ඊටත් වඩා පාලුයි ඔයාව නැතිව මට
ඔයාව මතක් වෙද්දි මම කරන්නෙ මොකද දන්නවද
ඒ මතකය හිර කරගන්නව මගෙ හිතට
මාව විශ්වාස කරන්න මගෙ රන් කද..........
ගතින් නැතත් හිතින් ඔබ ලග සැම විට
ඔයා ලගින්ම ඉන්න තියෙනවනම් මට
ඊටත් වඩා දෙයක් ඕන නෑ මට
ඔයාව මතක් කර කර ඔහේ ඉන්නකොට..........
බඩගින්නක්වත් දැනෙන්නෙ නෑ හිතට
දැනවත් විශවාසද මාව ඔයාට
දිව්රන්නම් දෑතම තබා හිස මත
මුලු හදවතින්ම ආදරෙයි මම ඔයාට..........

          ..........කැලුම්..........

පැනය‍‍‍...


ඔයා එහෙම අහනකෙට රිදුනා හදවත හරියට
එතරම්ම අවිශ්වාසද මාව ඔයාට
මගේ හිතේ තියෙන ආදරේ සදහට
ආසයිද දැනගන්න ඒ ආදරේ කොතරම්ද..........
වඩා වැඩියි සුවිසල් අහස් කුසට
එයා අදරෙයි කියල  කිව්වම මට
අදහගන්නවත් බැරි උනා හදවතට
දන්නව ඔයත් මට ආදරෙයි හරියට..........
ඇත්තමයි මේ කියන්නෙ ඔයාට
හිතේ තියෙන ආදරේ කියන්න වචන නෑ මට
ඔයා මගේම උන දවසට
කියා නිම කරන්න බැරි වෙයි සතුට
මටත් මතක් වෙනව ඔයාව හරියට
ඒත් මම කියල මොනව කරන්නද
ඔයාට මාව නැතිව ගොඩක් පාලුද..........
ඊටත් වඩා පාලුයි ඔයාව නැතිව මට
ඔයාව මතක් වෙද්දි මම කරන්නෙ මොකද දන්නවද
ඒ මතකය හිර කරගන්නව මගෙ හිතට
මාව විශ්වාස කරන්න මගෙ රන් කද..........
ගතින් නැතත් හිතින් ඔබ ලග සැම විට
ඔයා ලගින්ම ඉන්න තියෙනවනම් මට
ඊටත් වඩා දෙයක් ඕන නෑ මට
ඔයාව මතක් කර කර ඔහේ ඉන්නකොට..........
බඩගින්නක්වත් දැනෙන්නෙ නෑ හිතට
දැනවත් විශවාසද මාව ඔයාට
දිව්රන්නම් දෑතම තබා හිස මත
මුලු හදවතින්ම ආදරෙයි මම ඔයාට..........

          ..........කැලුම්..........

ආ‍යු‍බෝවන්!!

ඕං ඉතිං මාත් දෙයියනේ කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා‍.ආයිබෝං!!  කිව්ව එහෙනං ඔක්කොටම.